ඒක හරි ම කැත දර්ශනයක්…! ආයේ වෙන්න ඉඩ තියන්න එපා…! – මොරටු නගරාධිපතිගේ සිද්ධිය ජනපති හෙළා දකියි….

May 28, 2021 at 6:00 pm | by emanisa.lk

එන්නත්කරණ වැඩසටහනෙහි මොරටු නගරාධිපතිවරයාගේ හැසිරීම නිසා එම වැඩසටහන ම විනාශ වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

“එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකරන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන දත්ත පදනම් කරගෙන. ඒක සිදුකරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුවයි. එහෙම කරලත් ඊයේ අර කැත දර්ශනයක්. එකෙන් මුළු මේකම විනාශ වෙලා ගියා. ඒ වගේ දේවල් වෙන්න දෙන්න එපා..එන්නත්කරණ වැඩසටහන සෑම තැනකම හොඳින් කළා. නමුත් එක තැනක වරදක් වූ විට මාධ්‍යයේ යන්නේ ඒක”

අද (28) කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය රැස් වූ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

https://www.youtube.com/watch?v=xTn0VVrK71Y&t=65s

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස