GMOA එක තමන්ගේ ගෙදරවල ඉන්න බල්ලන්ට විතරයි එන්නත් නොදුන්නේ….! – මුරුත්තෙට්ටුවේ හිමි….

May 26, 2021 at 11:39 am | by emanisa.lk

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවිධිමත්, අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් කොවිඩ් වසංගත මර්දනය සම්පූර්ණයෙන් අඩාල වී ඇති බව එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

මෙවැනි ව්‍යාකූල තත්වයක් ඇතිව තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම නිසා බවත් විශේෂයෙන්ම දැනට ක්‍රියාත්මක එන්නත්කරණ ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් දැඩි බලපෑමක් සිදුවන බවත් ආනන්ද හිමි අනාවරණය කරයි. ‘මේ වෙනකොට එන්නත් දීලා නැත්තේ ර‍ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලනට විතරයි’ යැයි ආනන්ද හිමි චෝදනා කරයි.

“මේ ගැන සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඇහුවම එයා කියන්නෙ එහෙම දෙයක් නෑ කියලා. වසංගතය බරපතළ ලෙස ව්‍යාප්ත වෙලා තියන බස්නාහිර පළාතෙ සියලුම සෞඛ්‍ය සේවකයන්ට, එයාලගෙ පවුල්වල අයට එන්නත් දෙන්න තමයි තීරණය කරලා තියෙන්නෙ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ තීරණය අවභාවිත කරලා ලංකාව පුරා එයාලගේ සංගමයේ සාමාජිකයන්ගෙ පවුල්වල අයට එන්නත් ගහගන්නවා. දැං ඉතිං අපිට කියන්න තියෙන්නෙ වෛද්‍යවරුන්ගෙන් හැමදේම කරගන්න කියලා අනිත් සෞඛ්‍ය සේවකයන් රෝහල්වලින් ඉවත් කරනවා කියලා තමයි. එතකොට බලන්න පුළුවන් මෙයාලා වැඩ කරන හැටි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස