එන්නත් ගහන්න ඕන මගේ තුණ්ඩුවටයි….! නැත්නම් එන්නත් ගහන්න බෑ….! මොරටු නගරාධිපති එන්නත් මධ්‍යස්ථානයකට පැන යකා නටයි….! දොස්තර පොලිසිය කැඳවයි…

May 27, 2021 at 10:21 pm | by emanisa.lk

මොරටුව ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක අද (27) ඉතා උණුසුම් තත්ත්වයක් ඇති විය.

මෙම උණුසුම් තත්ත්වය ඇති වූයේ මොරටුව නගරාධිපතිවරයා සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනිය අතර ය.

නගරාධිපතිවරයා තමා විසින් ලබා දෙන ලද තුණ්ඩුවකට අනුව එන්නත්කරණය සිදු නොකළේ යැයි වෛද්‍යවරියට චෝදනා කරයි.

එහෙත් වෛද්‍ය නිලධාරිනිය සඳහන් කරන්නේ තමනට ලැබී ඇති උපදෙස් අනුව එන්නත්කරණය සිදුකරන බවයි.

නගරාධිපතිවරයා තම රාජකාරියට බාධා කළ බවට ඇය පොලීසියට පැමිණිලි කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස