වෛද්‍ය පවුල්වලට එන්නත් දෙනවා නම් අපටත් දියවු….! අපට නැත්නම් වෛද්‍ය පවුල්වලටත් එපා….! වෛද්‍ය පවුල්වලට විතරක් දුන්නොත් දැවැන්ත වර්ජනයක්….! – රවී කුමුදේශ්….

May 24, 2021 at 9:02 am | by emanisa.lk

කොවිඩ් අවදානම සලකා වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සඳහා ද එන්නත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය චෝදනා කරයි.

ලංකාවට ගෙන්වා ඇති රුසියානු ස්පුට්නික් එන්නත් තොග ඒ සඳහා වෙන් කර ඇති බවට ද එහි සභාපති රවී කුමුදේශ් නිවේදයක් නිකුත් කරමින් අනාවරණය කරයි.

කෙසේ වුව ද කොවිඩ් නිසා වෛද්‍යවරු පමණක් නොව රෝහල් කම්කරුවා දක්වා සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන් ම ඔවුන්ගේ පවුල් අවදානමකට ලක්ව ඇති අවස්ථාවක වෛද්‍යවරුන් සඳහා පමණක් මෙලෙස එන්නත ලබා දීම අසාධාරණ බව ඔහු අවධාරණය කරයි.

එහෙයින් වෛද්‍යවරු විශේෂ කොට සලකා සිදුකරන මෙම එන්නත්කරණ සැලසුම වහා ම නතර කළ යුතු බවත් එසේ නොමැති නම් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවුල් සාමාජිකයින් සඳහා එන්නත් ලබා දිය යුතු බවත් රවී කුමුදේශ් පවසයි.

එසේ නොමැතිව වෛද්‍යවරුන්ගේ පවුල් සඳහා පමණක් කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කළහොත් සෙසු සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති සමඟ එක්ව වැඩ වර්ජනයකට යන බවටත් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *