වෛද්‍යවරුන්ගේ නෑයන්ටත් එන්නත් දෙනවා…! 50කට කොවිඩ් හැදිලා 03ක් මැරිලත් අපට එන්නත් නෑ…! එන්නත දෙන තුරු අපි වර්ජනයේ…..! – ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමය…

May 27, 2021 at 7:56 am | by emanisa.lk

ජීවිත අවදානම දරාගෙන රාජකාරී කටයුතුවල නිරත 12,000 කට අධික ග‍්‍රාම නිලධාරීන්ට කොවිඩ් 19 එන්නත ලබාදෙන තුරු 25 දා සිට ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරගෙන යන බව ශ‍්‍රී ලංකා ග‍්‍රාම නිලධාරී සංගමයේ ලේකම් තිරාජ් දල්පදාදු පවසයි.

දැනටමත් කොවිඩ් වැළඳීමෙන් ග‍්‍රාම නිලධාරීන් 3 දෙනෙකු මියගොස් ඇති බවත් 50 දෙනෙකුට පමණ කොවිඞ් ආසාදනය වී ඇති බවත්, තවත් ග‍්‍රාම නිලධාරීන් සියයකට අධික පිරිසක් නිරෝධායනය වන බවත් ඔහු කීවේය.

“ග‍්‍රාමසේවා වසම් 14,022 ක 12,000 කට අධික ග‍්‍රාම නිලධාරීන් දිවයිනේ සේවය කරනවා. අපේ ග‍්‍රාම නිලධාරීන්ට මේ කොවිඩ් එන්නත ලබාදීමේ නිසි ක‍්‍රමවේදයක් හදලා නැහැ.

අපි මේ ගැන සෞඛ්‍ය බලධාරීන්ට අවස්ථා කිහිපයකදීම දැනුම්වත් කළා. එන්නත ලබාදෙන්න කියලා. නමුත් මේ වෙනකම් ග‍්‍රාම නිලධාරීන්ට එන්නත ලබා දී නැහැ. මෙන්න මේ නිසා අපි 25 වැනිදා මධ්‍යම රාත‍්‍රියේ ඉඳලා අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළා.

එන්නත ලබා දෙනකම් අපි වර්ජනයේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයන්ට මේ එන්නත ලබාදෙනවා. දැන් අවදානමක් දරාගෙන රාජකාරී කරන තම නිලධාරීන්ට මේ එන්නත නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස