එදා මෛත්‍රී ජනපති මහින්ද අගමැති කරන්න පුළුවන් වුණා නම් 2020 එහෙම කරන්න බැරි ඇයි? – දයාසිරි

July 6, 2019 at 6:10 pm | by emanisa.lk

මරණ දඬුවමට එරෙහිව ඉතිහාසයේ කිසිවකු නඩු නොපැවරූ බවත් අද කුඩ්ඩෝ රජ වී මෛත්‍රී බලු වී ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ පාමුළ දණෙන් වැටෙන්නට තමන් සූදානම් නැති බවත් එදා මෛත්‍රී ජනපති කර මහින්ද අගමැති කළ හැකි නම් 2020 එය කළ නොහැකි ඇයි දැයි හෙතෙම ප්‍රශ්න කරයි.

රාජපක්ෂ පවුල් පාලනය 2015 අවසන් කළ බවත් ජනපති අගමැති ප්‍රබල ඇමති ධුර සියල්ල ඔවුන්ට නම් වහලුන් මෙන් ශ්‍රීලනිපයට කටයුතු කළ නොහැකි බව ද හෙතෙම පවසයි. මේ සත්‍ය ප්‍රකාශ කළ විට තමන්ට පහර දෙන බව ද ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස