එජාප ජනපති අපේක්ෂක සමීක්ෂණ ප්‍රතිඵල සමග රනිල් පරළ වෙයි! ජනාධිපතිවරණයට සජිත්, කරූ ඉල්ලූ එජාප කටවල් රනිල් වසයි!

June 18, 2019 at 10:47 am | by emanisa.lk

ජනාධිපතිවරණයක් මෙතෙක් ප‍්‍රකාශයට පත් කර නොමැති බැවින් සිය පක්‍ෂයේ අපේක්‍ෂකයා පිළිබඳ නම් ප‍්‍රකාශ කිරීමට හදිසි නොවන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප‍්‍රකාශ කර තිබේ.

ඒ, ඊයේ (17) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේ “අගමැතිතුමා දුන්න අවවාදය තමයි ‘ජනාධිපති අපේක්ෂක හොයන වේලාව නෙමෙයි මේක. 2015 ජනවාරි 08 වැනිදා දීපු පොරොන්දුව ඉටු කරන වේලාව. යම් අතපසුවීමක් සිද්ධ වුණා බෝම්බ සිද්ධිය නිසා. දැන් වැඩ කරලා ඒ ඉලක්ක සම්පූර්ණ කරන්න. ඊට පස්සේ අපි ජනාධිපතිවරණය ගැන කථා කරමු’ කියලා.” යනුවෙනි.

මේ අතර පසුගියදා එජාප ප්‍රබලයකුගේ මෙහෙය වීම මත එජාප ජනපති අපේක්ෂක කවුරුන් විය යුතු ද යනුවෙන් පැවත් වූ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව අගමැතිවරයාට ලැබී ඇත්තේ 5 වන තැනය. එහිදී ඔහුට කැමැත්ත පළ කළ පිරිස 25%කි.

එහෙත් කරූ ජයසූරිය 58%ක් ද සජිත් ප්‍රේමදාස 49%ක් ද නවීන් දිසානායක 46%ක් ද පාඨලි චම්පක රණවක 45%ක් ද ලක්ෂ්මන් සෙනෙවිරත්න 20%ක් ද රාජිත සේනාරත්න 18ක් සහ මංගල සමරවීර 10%ක් ලෙස කැමැත්ත ලබා තිබිණි. ජනාධිපතිවරයා ද එජාප ජනාධිපති ධුර අපේක්ෂකත්වය සජිත්ට ලැබෙන්නේ නම් ඔහුගේ සහාය ලබා දෙන බව පවසා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස