එජාප කඳවුරේ තානාපති ජනපති අපෙක්ෂකයා කරූ! මුස්ලිම් රටවල් 17ක තානාපතිවරුත් හමුවෙයි!

June 13, 2019 at 4:13 pm | by emanisa.lk

ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට මුස්ලිම් නායකයන් සහ ජනතාව ඉටු කළ මෙහෙය කතානායක කරූ ජයසූරිය මුස්ලිම් රටවල තානාපතිවරුන් හමුවේ ප්‍රශංසාවට ලක්වී තිබේ.

කතානායකවරයා සමග මුස්ලිම් රටවල් 17ක තානාපතිවරු පසුගියදා (11) සිදු කළ සාකච්ඡාවක දී මෙම අදහස් ප්‍රකාශ කර තිබේ.

එජාප කඳවුරේ ජනාධිපති අපේක්ෂකයන් අතර තානාපතිවරුන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගෙන ඇත්තේ කරූ ජයසූරිය බව ද වාර්තා වෙයි.

පසුගියදා ඇමරිකාව, කැනඩාව, ජර්මනිය ඇතුළු බටහිර රටවල් 5ක තානාපතිවරු ද කරූ ජයසූරිය එජාප කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇතැයි අනාවරණය වී ඇත.

මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කර නැවත රනිල් වික්‍රමසිංහ බලයට ගෙන ඒම සඳහා කතානායකවරයා තානාපතිවරුන් ද පාර්ලිමේන්තුවට කැඳවා සිදු කළ විශාල කාර්යභාරය මේ ආකාරයට කරූ ජයසූරිය තානාපතිවරුන් අතර ජනප්‍රිය වීමට හේතුව ලෙස සැලකෙයි.

ආගමට මුවා වී සිදුකරන අන්තවාදී ක්‍රියා එනම් ළමා විවාහ, බහුවිවාහ මෙන්ම අන්‍යතාව වසන් කරන විලාසිතා සහ අන්තවාදය පෝෂණය කරන ආධ්‍යාපන ආයතන සම්බන්ධව පියවර ගැනීමේ දී ඉස්ලාම් නායකයන් මෙන්ම සාමකාමි බහුතර ඉස්ලාම් ජනතාවගෙන් ලැබුණ සහය හා මඟ පෙන්වීම කෘතවේදීව සිහිපත් කරන බව කතානායකවරයා මුස්ලිම් තානාපතිවරුන් සමග පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස