එජාප ආශීර්වාදය හිමි ජවිපෙට ගුරු ගෙදර බලයත් අහිමියි! 10 වසරක ජවිපෙ බලකොටුව පොහොට්ටුව බිඳ දමයි!

June 10, 2019 at 4:01 pm | by emanisa.lk

සීමා සහිත අධ්‍යාපන සමූපකාර සකසුරුවම් හා ණය ගනුදෙනු සමිතිය හෙවත් ගුරු ගෙදර බලය ජනතා විමුක්ති පෙරමුණට අහිමි විය.

වසර 10ක් තිස්සේ ගුරු ගෙදර බලය හෙබ වූ ජවිපෙට මෙවර එජාපයේ ද නොමද සහාය ලැබිණි.

එහෙත් 08 වෙනිදා පැවති නිලවරණයේ දී සමස්ත ආසන 370 අතරින් 191ක් පොදුජන පෙරමුණට හිමි වූ අතර එජාප සහයෝගය ද සමග ජවිපෙට ලබාගත හැකි වූයේ ආසන 171ක් පමණි. ස්වාධීන සභිකයන් 8 දෙනෙකු ද පත්විය.

මේ අනුව එහි 15 වන අධ්‍යක්ෂ මණ්ඩලයේ ආසන 09ක් පොදුජන පෙරමුණට හිමි වන අතර ආසන 6ක් ජවිපෙ සහ ස්වාධීන පිරිසට ආසන 06ක් හිමි වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව