එජාපයේ සිට වෙනත් පක්ෂ හදන්න බෑ! සජිත්ට සහ රංජිත්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග!

February 12, 2020 at 7:56 am | by emanisa.lk

සමගි ජාතික බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව පිළිගැනීම නිසා එහි තනතුරුලාභී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම​ට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

ජාතික සමගි බලවේගය පක්ෂයේ සභාපති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයට සහ පළාත් සභා මැතිවරණයට හැර මහ මැතිවරණ සඳහා පක්ෂ සලකුණ වන අලියා ලකුණෙන් ඉදිරිපත් විය යුතු බව සඳහන්ව ඇතැයි පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂ නායකත්වයද මේ බව සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට පෙන්වා දුන් බව මහලේකම්වරයා කියා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස