එජාපයේ දළ ඇත්තු රහසේම ගෝඨා සොයා යති! රනිල් පිලේ සහ සජිත් පිලේ ප්‍රබලයන් ගෝඨාගේ නිවසේ!

August 6, 2019 at 8:14 am | by emanisa.lk

පසුගියදා ඇමති සාගල රත්නායක සහ එක්සත් ජාතික පක්ෂ සභාපති ඇමති කබීර් හෂීම් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසී තිබේ.

මොවුන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් පාර්ශවය සහ නියෝජ්‍ය නායක පාර්ශවය නියෝජනය කරන ප්‍රබලයෝය.

මේ දෙදෙනාම එකිනෙකාට රහසින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මුණ ගැසීමට ගිය ද එම නිවසේ දී අහම්බෙන් මුණ ගැසීම නිසා දෙදෙනා තරමක අපහසුතාවට පත්ව ඇතැයි ද වාර්තා වෙයි.

දේශපාලන ලෝකයට රහසක් වීමට නියමිතව තිබූ මෙම හමුව හෙළි වූයේ ද දෙපාර්ශවයම ගෝඨාගේ නිවසේ දී අභිමුඛ වීම නිසා බව ද හෙළි වී තිබේ.

අදාළ හමු වීම පිළිබඳ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී විමසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ පසුගියදා ශල්‍ය කර්මයකට මුහුණ දුන් බවත් එහෙයින් සුවදුක් විමසීමට එහි ගිය බවත්ය.

මෙහිදී සරත් ෆොන්සේකා උපහාසයෙන් පවසා ඇත්තේ එජාපයේ අය ගෝඨා ජයග්‍රහණය කළහොත් තමන් මරා දමනු ඇතැයි වේදිකාවේ උදෑසන පවසන විට හවසට අපි ගෝඨා බලන්න යනවා කියා ද ජනතාවට පැවසිය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස