උතුරට 5G තාක්ෂණය එපා! කෝවිල්වලට අකුණු වදින්න පුළුවන්! – දෙමළ සන්ධානය

July 12, 2019 at 8:05 am | by emanisa.lk

උතුරු පළාතට 5G තාක්ෂණය උවමනා නැති බවත් ඒ නිසා අකුණු වැදීමේ අවධානම ඉහළ යා හැකි බවත් දෙමළ ජාතික සන්ධානය පවසයි.

මුලතිව් ප්‍රදේශයේ කෝවිල් දෙකක් අසල මෙම කුළුණු දෙකක් සවි කර ඇති බවත් ඒ නිසා කෝවිල්වලට අකුණුවලින් හානි සිදුවිය හැකි බවත් පවසා මුලතිව් දෙමළ සන්ධාන නායකයන් එහි දිසාපති කාර්යාලයට පැමිණිලි කර තිබේ. එහෙයින් අදාළ සමාගම්වලට මෙම කුළුණු ඉවත් කර ගැනීමට දැනුම් දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.

මේ අතර යාපනේ මුස්ලිම් ව්‍යාපාරිකයන් ද 5G තාක්ෂණයට එරෙහිව සිය වෙළෙඳසැල් වසා විරෝධය පළ කළ අතර මේ නිසා අකුණු සැම වැදීම මෙන්ම ලෙඩ රෝග බෝ වීම ද ඉහළ යා හැකි බවට චෝදනා කළේය. ඔවුහු සිය විරෝධය යාපයනය නගර සභාවට ද දැන්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස