ඊයේ හමු ආසාදිතයන් 10 අතරින් 9ක්ම නාවික සෙබළු! සුව වූ සම්පූර්ණ පිරිස 540යි! – අනිල් ජාසිංහ

May 19, 2020 at 11:53 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11 දෙනෙකු ඊයේ(18) හඳුනා ගත් අතර ඉන් දස දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

අනෙක් පුද්ගලයා සිංගප්පූරුවේ සිට පැමිණ මේ වන විට නිරෝධායනයට යොමු කළ ‍අයෙක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 992 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේ වෙතත් ආසාදිතයින් 559 දෙනෙකු මේ වන පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මෙරටින් හඳුන ගෙන ඇති සමස්ත ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 540 දෙනෙකු වන බව ද වංසගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. කොරෝනා ආසාදිත මරණ 9ක් ලංකාවෙන් වාර්තා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස