ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු යළි දිවුරුම් දෙයි!

June 15, 2019 at 8:36 am | by emanisa.lk

පසුගියදා ඉල්ලා අස්වූ මන්ත්‍රීවරුන් නවදෙනා අතරින් කොටසක් ලබන සතියේ දිවුරුම් දීමට ඉඩ ඇතැයි හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් පවසයි.

මුස්ලිම් ඇමතිවරු සියලු දෙනා ඉල්ලා අස්වීමට ගත් තීන්දුව නිවැරදි නොවන බව මහ නායක හිමිවරුන් පිළිගත් අතර විපක්ෂ නායකවරයා මෙන්ම බොහෝ පාර්ශ්ව ඒ පිළිබඳ විවේචනාත්මක අදහස් පළ කළහ.

මහා නායක හිමියන්ගේ ඉල්ලීම සහ වෙනත් කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන කලින් ගත් තීන්දුව නිවැරදි කිරීම සඳහා මෙම තීන්දුවට එළැඹි බව ඔහු පෙන්වා දෙයි.

පෞද්ගිලක හේතු කිහිපයක් මත බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි තමන්ට චෝදනා කරන බවත් චෝදනාවලට ලක් වූ ඇමතිවරුන් පිළිබඳ පරීක්ෂණ කළ යුතු බවත් හිටපු ඇමතිවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස