ඉඩම් නිකන් දීලා හරි විදෙස් ආයෝජන ගේන්න ඕන! කැලෑ කපලා කර්මාන්තශාලා හදන්න ඕන! – මුදල් ඇමතිගෙන් බදූර්දීන්ගේ විල්පත්තු කර්මාන්ත පුරයට තල්ලුවක්….(video)

March 27, 2019 at 7:30 am | by admin

රටට ආයෝජකයන් පැමිණෙන්නේ නම් වෙනත් බොහෝ රටවල මෙන් රටේ ඉඩම් නිකන් ඔවුන්ට ලබා දිය යුතු යැයි අමාත්‍ය මංගල සමරවීර පවසයි. කැලෑවක් අපේ උරුමය අභිමාණය යැයි කියා තියාගෙන ඉන්නවාද එතන 21 වන සියවසේ කර්මාන්ත ශාලාවක් තනා තරුණයන් 15 000කට රැකියා ලබා දෙන්නේ ද යන්න අතරින් එකක් තෝරා ගැනීමට සිදුවන්නේ නම් තමා දෙවැන්න තෝරා ගන්නා බව හෙතෙම පවසයි.

චීනය, වියට්නාමය වැනි සමාජවාදී රටවල් පවා ආයෝජකයන්ට ඉඩම් දීමට බය නැති බව ප්‍රකාශ කළ ඇමතිවරයා රටේ ආර්ථිකයට හොඳ දෙයක් කිරීමට යෝජනා වූ හැම විටම රට ආපස්සට ඇද්දේ ජවිපෙ බවට ද චෝදනා කරයි. ආයෝජකයන්ට රටේ ඇති නීති ලිහිල් කළ යුතු බව ද පෙන්වා දෙයි.

මේ රටේ විනාශයට ලොකුම බාධාව වාමාංශික සමාජවාදී න්‍යාය බව ප්‍රකාශ කළ ඇමතිවරයා එය මේ රටේ නැති කොට කුඩු කොට දැමිය යුතු යැයි අවධාරණය කළේය. එය රටේ දියුණුවට ඇති ලොකුම කොඩිවිනය ලෙස ඇමතිවරයා හඳුන්වා දුන්නේය.

මංගල මුදල් ඇමති ධුරයට තබා වාණිජ ආයතනයක සුළු රැකියාවකට පවා නුසුදුසු පුද්ගලයකු යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් චෝදනා කළේය. පසුගිය සමයේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක්, සුප්‍රකට මරංගනි ටයර් කම්හලක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබුව ද ඒ කිසිවක් මෙතෙක් ඉදි වී නොමැත. නොබෝදා මුල්ගල් තැබූ තෙල් පිරිපිහදුවේ ආයෝජකයන් පිළිබඳව ද ඇත්තේ සැකකටයුතු අදහස්ය. ඇමති රිෂාඩ් බදූර්දීන් විල්පත්තුව ආශ්‍රිත වනාන්තරයෙහි අක්කර 75ක කර්මාන්ත පුරයක් තැනීම සඳහා කටයුතු කරන පසුබිමක මෙම අදහස් ප්‍රකාශ වීම විශේෂත්වයකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස