ඇමරිකාව එක්ක ගිවිසුම් ගැහුවොත් ඩොලර් මිලියන 400ක ප්‍රදානයක් ගන්න පුළුවන්! – ඇමති මංගල

June 26, 2019 at 8:16 am | by emanisa.lk

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) ගිවිසුමේ සෑම වගන්තියක් ගැනම අධ්‍යයනය කිරීමකින් තොරව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේ අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මහතා මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක පමණ ප්‍රදානයක් හිමිවන බව පවසා ඇත.

ඉකුත් අවස්ථාවකද මෙම ප්‍රදානය ලබා ගැනීමට උත්සහ කළද එය අසාර්ථක වූ බව පවසා ඇති මංගල සමරවීර මහතා මේ ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය නිසා එය ලබා ගැනීමට හැකිවූ බව සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස