ඇමති සජිත් ජනපති අපේක්ෂක කරන සටනේ පළමු වෙඩි මුරය ඌව වෙල්ලස්සෙ දී තබනවා! – හරීන්

August 12, 2019 at 11:32 am | by emanisa.lk

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සටන ඌව වෙල්ලස්සේ ජනතාව සමග ආරම්භ කරන බව ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

අද සවස 2ට මෙම රැලිය බදුල්ල විල්ස් පාක් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

රටේ අපේක්ෂාව ජනතාවගේ අපේක්ෂාව සජිත් ප්‍රේමදාස බව ඌව වෙල්ලස්සේ ජනතාව ඔප්පු කර පෙන්වන බව ද ඇමතිවරයා සඳහන් කළේය. ජනතාව ඉල්ලන අපේක්ෂකයා ලබා දීම පක්ෂයේ වගකීම බව ද ඔහු අවධාරණය කළේය.

එජාපය ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බවට කිසිදු සැකයක් නැති බවත් හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස