ඇමති පාඨලි නැවතත් සිංහල බෞද්ධ නායකයෙක් වී සිංහලයාට පාර කියන්න සූදානම්!

May 13, 2019 at 10:30 pm | by admin

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය චම්පික රණවක ආණ්ඩුවෙන් ඉවත්වීමට සුදානම් වන බව වාර්තා වෙයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමග මතුව ඇති ආණ්ඩු විරෝධී ජන බලය කොල්ල කෑම සඳහා සිංහල බෞද්ධ නායකයෙකු ලෙස යළි වෙස් පෙරලීමට ඇමති පාඨලි එජාප නායකත්වයෙන් ආශිර්වාද ලබාගෙන ඇති බවද සිරිකොත ආරංචි මාර්ග පවසයි. 2015 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළීම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකළ ඇමති පාඨලි චම්පික රණවක මෛත්‍රීපාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කතුවරයා ද තමන් බව ප්‍රකාශ කළේය.

මේ වන විට පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සුප්‍රසිද්ධ සිංහල ව්‍යාපාරිකයන් විද්වතුන් හමුවී ජාතික හෙළ උරුමය සක්‍රිය කිරීමට සහයෝගය ඉල්ලා සිටින බවද දැනගන්නට ඇත. එසේම ඇමති පාඨලි ද කිසිදු පක්ෂයකට සම්බන්ධ නැතැයි පවසමින් පසුගියදා ජාතික මග නම් සංවිධානයක් ද හදිසියේම පිහිටුවා ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස