ඇමතිවරු 14ක් ජනපති නියෝග නොතකා හැරලා! රාජ්‍ය ඇමතිලාට විෂය පථ නොදී දොඩං ගොඩම බදාගෙන!

January 5, 2020 at 2:53 pm | by emanisa.lk

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විෂය පථයන් බෙදා දී ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසට ජනාධිපති කාර්යාලය ලබාදුන් නියෝගය මෙතෙක් අමාත්‍යවරුන් ක්‍රියාත්මක කර නොමැති බව වාර්තාවේ.

රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විෂය පථයන් පවරා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබීය. ඒ අනුව ජනාධිපති කාර්යාලය විෂය පථයන් බෙදා දෙමින් සකස් කළ ආකෘති පත්‍රයක් කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනාට යොමුකර තිබුණි .

මේ වන තෙක් රාජ්‍ය අමාත්‍යවරයාට බලතල පවරා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පමණි.

පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දින අධ්‍යාපන අමාත්‍යවරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. අනෙක් කැබිනට් අමාත්‍යවරුන් 14 දෙනා මෙතෙක් රාජ්‍ය ඇමතිවරුන්ට විෂය පථයන් පවරා දෙමින් ගැසට් පත්‍ර නිකුත් කර නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස