ජනපති අණ නොතකයි! කාර්යාල වාහන සඳහා ඇමතිවරු සුපුරුදු බලු පොරේ අරඹති!

December 8, 2019 at 8:49 am | by emanisa.lk

ආණ්ඩුවේ ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් සිය අමාත්‍යංශවලට පත්කොට සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට වාහන හා කාර්යාල පහසුකම් ලබා නොදීම නිසා බරපතළ ගැටලු සහගත තත්ත්වයක් හටගෙන තිබේ.

දැනටමත් මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැමිණිලි රාශියක් ලැබී තිබේ.

සමහර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුනට කැබිනට් විෂයන් කිහිපයක් පැවරීම නිසා ඔවුන් ඒ සෑම අමාත්‍යංශයෙන්ම නිල කාමර වාහන හා කාර්ය මණ්ඩල පහසුකම් ලබාගෙන ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවා තමන්ගේ වාහන සංචිතය වාහන කිහිපයකට සීමාකර තිබියදී ඇතැම් කැබිනට් අමාත්‍යවරුන් මෙලෙස හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ජනාධිපතිවරයාද ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස