ඇඳිරි නීතිය මැද මගුල් කෑවේ සමගි බලේ රාධක්‍රිෂ්ණා! පොලිසිය පැමිණ මගුල විසිරුවා හරී!

October 30, 2020 at 7:40 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධාක්‍රිෂ්ණන්ගේ පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය අද(30)දින කොළඹ රාමඩා හෝටලයේ පවත්වා ඇති බව වාර්තා වේ.

මෙම විවාහ මංගල උත්සවයට 35 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගි වී ඇති අතර ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ පැවැත්වූ මෙම විවාහ මංගල උත්සවය කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිගේ මැදිහත්වීමෙන් නතර කර ඇත.

ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේදී විවාහ මංගල උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් රාමඩා හෝටලයේ පාලන අධිකාරියට හා විවාහ මංගල උත්සවය සංවිධානය කළ පුද්ගලයින්ට නිරෝදායන නීතිය යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කෙසේ වුවද වී. රාධක්‍රිෂ්ණන්ගේ පුත්‍රයා ෆේස්බුක් සටහනක් තබමින් පවසා ඇත්තේ මෙම සිද්ධියට තමා සම්බන්ධ නොමැති බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස