ඇන්ටනොව් යානා අලුත්වැඩියාවේ දැවැන්ත වංචාවක්! රටට සිදුවන පාඩුව රුපියල් ලක්ෂ 1174යි!

August 4, 2019 at 3:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32B ගුවන්යානා තුනක් යුක්‍රේනයේ යුක්‍රෝන්මාස් නම් ආයතනයට ඇමරිකානු ඩොලර් මිලියන 2කට වැඩි මිලකට ලබා දීමට ආරක්ෂක අමාත්‍යංශයේ සහ ජනාධිපති ලේකම්කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මෙම ටෙන්ඩරය අදාළ යානා අලුත්වැඩියා කිරීමේ පළපුරුද්දක් නොමැති රුසියාවේ MFG සමාගමට ලබා දීමට කරන ලද සැලසුමක් ව්‍යවර්ථ වූයේ ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ විරෝධය නිසාය.

අදාළ සමාගම 2013 වසරේ අලුත්වැඩියා කළ ඇන්ටනොව් යානාවක් කඩා වැටී විනාශ වී තිබේ.

කෙසේ වුවද මෙම මුදලට වඩා අඩු මුදලට ඇන්ටනොව් යානා අලුත්වැඩියා කරන පළපුරුදු සමාගම් යුක්‍රේනයේ තිබුණ ද විශාල මුදලකට මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට ලබා දීමට ලහිලහියේ කටයුතු කරමින් ඇත.

මෙම ගනුදෙනුව නිසා ශ්‍රී ලංකාවට අහිමි වන මුදල රු. ලක්ෂ 1174ක් පමණ වන බව එම ආරංචි මාර්ග තහවුරු කරයි. අදාළ ගනුදෙනුව පිටුපස දැවැන්ත කොමිස් කුට්ටියක් ඇති බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස