ආණ්ඩුව වැඩ කරන්නේ ලිච්ඡවී රජ දරුවන්ගේ උපදෙස් අනුවයි! ඇමතිවරු කිසි විටක ඉන් බැහැර වන්නේ නෑ! -අගමැති

June 17, 2019 at 6:25 pm | by emanisa.lk

රාජ්‍ය පාලනය සඳහා එදා ලිච්ඡවී රජ දරුවන් දුන් උපදේශයන්ට අනුව වත්මන් ආණ්ඩුව හා ඇමැති මණ්ඩලය ක්‍රියා කරමින් සිටින බව ද වික්‍රමසිංහ සඳහන් කරයි.

පොසොන් පෝය දිනය නිමිත්තෙන් අනුරාධපුරය මිහින්තලා පුදබිමේ පැවති ආගමික වැඩ සටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

“සිරිත් පරිදි මිහින්තලා පූජා භූමියට පැමිණ මේ ආලෝක පූජාවට සහභාගි වීමට මට අවස්ථාව ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ආරම්භය සිදුවන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමගයි. පණ්ඩුකාභය රජ සමයටත් පෙර ආරම්භ වූ සිංහල ගමක් ලෙස අනුර ග්‍රාමය සැලකෙනවා. සිංහල ජනතාව මුලින්ම ජීවත් වූයේ මල්වතු ඔය ආශ්‍රිතව වූ අතර පසුකාලීනව යාංඔය ප්‍රදේශයටත් ව්‍යාප්ත වුණා.

ඒ අනුව අපි මේ වන විට මල්වතු ඔය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඉදිරියේ ද මල්වතු ඔය ජලාශය ඉදිකිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා.

යාං ඔය ආශ්‍රිතව මේ වන විටත් අවශ්‍ය කරන වාරිමාර්ග දියුණුව ආරම්භ කර තිබෙනවා. මල්වතු ඔය ජලාශය ඉදිකර ඒ ප්‍රදේශ දියුණු වීමත් සමඟ මිහින්තලය ඇතුලු අනුරාධපුර දියුණුවත් ඇති වෙනවා. ඒ අනුව අනුරාධපුරයේ දියුණුවත් සමග අපේ ශිෂ්ඨාචාරයේ මූලස්ථාන දැක බලා ගැනීමට සහ ඉතිහාසය දැන ගැනීමට සියලු දෙනාට අවස්ථාව ලැබෙනවා.

විවිධ දේශපාලන ක්‍රමවලට පුරුදු වූ රටක් ලෙස අපේ සියලූ දෙනාම එකවර ලිච්ඡවී රාජ්‍ය පාලන ක්‍රමයකට ගමන් කරනවා යැයි කියා මට කිව නොහැකියි. නමුත් වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේත්, මමත් එම ස්ථාවරයේ සිටීම පිළිබඳව මම සතුටට පත් වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස