ආණ්ඩුව පත්තරවලට ජංගි අන්දයි! ගෝඨාගේ ප්‍රමුඛ පුවත මුදලින් වසයි!

October 5, 2019 at 11:18 pm | by emanisa.lk

සියලු ඉරිදා පුවත්පත්වල මුල් පිටුවේ ප්‍රමුඛ පුවත වූ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ප්‍රශ්න කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමීම පිළිබඳ පුවත වසා දැමීම සඳහා ආණ්ඩුව කටයුතු කර තිබේ.

ඒ රුපියල් මිලියන ගණනක් වියදම් කර සියලු පුවත්පත්වල මුල් සහ අවසාන පිටුව මිලයට ගෙන එහි එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ දැන්වීමක් පළ කිරීමෙනි.

ඉරිදා ලංකාදීප, සිළුමිණ, දේශය, ඉරිදා දිවයින ආදී සියලුම පුවත්පත්වල මුල් සහ අවසාන පිටු මේ සඳහා මිලයට ගෙන තිබේ.

2015 ද ඔවුන් මෙම උපක්‍රමය අනුගමනය කළ අතර එම උපක්‍රම නැවතත් අද සක්‍රීය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස