ආණ්ඩුව ගෝඨාගේ රැලිවලට දිගටම බාධා කරයි! කළුතර අවසන් රැලියට පිටියක් නොදෙයි!

October 28, 2019 at 12:10 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ අවසන් ජන රැලිය කළුතර දී පැවැත්වීමට සූදානම් කෙරුණද, ක්‍රීඩාංගණයක් වෙන්කර ගැනීමට ආණ්ඩුව කළ බව කළුතර නාගරික මන්ත්‍රීනි සන්ධ්‍යානි වීරතුංග සඳහන් පවසයි.

ගෝඨාභය රාජපක්ෂගේ ජනරැලිය සඳහා කළුතර දුම්රිපොළ ක්‍රීඩාංගණය වෙන්කර ගැනීමට අදාළ ලිපිය සැප්තැම්බර් 25 වැනිදා ඇය විසින් නගරාධිපති එම්. අමීර් නසීර් වෙත යොමුකර ඇතත්, නගරාධිපතිවරයා එය සැලකිල්ලට ගෙන නැත.

එහෙත් නගරාධිපතිවරයා ඔක්තෝබර් 02 වැනිදා ඉදිරිපත් කළ ලිපියකට අනුව ක්‍රීඩාංගණය සජිත් ප්‍රේමදාසගේ රැලියක් වෙනුවෙන් වෙන්කර ඇත.

සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ක්‍රීඩාංගණය වෙන්කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්නගේ පෞද්ගලික ලේකම් විසිනි.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂගේ රැලිය සඳහා නීතිඥ මනිලාල් ප්‍රනාන්දුගේ පාලනය යටතේ ඇති කළුතර නගරයේ පිහිටි වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය වෙන්කර ගැනීමට ලිපියක් භාරදුන්න ද එම ක්‍රීඩාංගණයද කිසිම කටයුත්තක් සඳහා යොදා ගැනීමට නොහැකි වන ආකාරයට නගරාධිපතිවරයා විසින් උසාවි තහනම් නියෝගයක් ගෙන තිබේ.

ඒ අනුව ලබන 13 වැනිදා පැවැත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂගේ අවසන් රැස්වීම සඳහා ක්‍රීඩාපිටි දෙකම ලබා ගැනීමට නොහැකි වන ආකාරයට ආණ්ඩුව කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස