ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිට කොරෝනා! නිරෝධායන උපදෙස් නොතකා දේශපාලකයින් එක්ක රවුම් ගහලා!

December 21, 2020 at 1:29 pm | by emanisa.lk

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (20) දින ලද පී.සි.ආර්. පරීක්ෂණ වාර්තා අනුව තහවුරු වු බව තලවාකැලේ ලිදුල සෞඛ්‍යය නිලධාරි ජනත් අබේගුණවර්ධන පවසයි.

අසාදිත සභාපතිවරයා පදිංචි ආගරපතන ඇල්බියන් කෝන්ෆිල්ඩ් වතු යායේ දි ඉකුත් (16) දින පි.සි.ආර් පර්ක්ෂණයක් සඳහා යොමුකර ඔහු ඇතුළු පවුලේ සමාජිකයින් ස්වයන් නිරෝදනයට යොමු කර සිටිය දි නිරෝදායන උපදෙස්වලට පටහැනිව මේ මස 17-18 යන දෙදින ප්‍රභුවරුන් රැසක් සහභාගි වු රැස්විම් කිහිපයකට සහභාගි වි ඇත.

එම රැස්විම් වලට නුවරඑළිය,තලවාකැලේ, ලිදුල ,කොටගල, ආගරපතන, නොර්වුඩ්, මස්කෙලිය, අඹගමුව යන ප්‍රාදේශිය සභා සහ නගර සභාවල සභාපතිවරුන්, නගරාධිපතිවරුන්, නාගරික ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් ගණනාවක් සහභාගි වි ඇති බව ද අනාවරණය වි ඇත.

නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කළ ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එරෙහිව නුවරඑළීය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (21) දින කරුණු වාර්තා කරන බවත් අසාදිත සභාපතිවරයාගේ ළඟම ආශ්‍රිතයින් ස්වයන් නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කරන බවත් තලවකැලේ ලිදුල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ ජනත් අබේගුණවර්ධන සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස