ෆොන්සේකාගේ ෆීල්ඩ් මාර්ෂල් උජාරුව ඉවරයි! තව ෆීල්ඩ් මාර්ෂල්වරු දෙදෙනෙක් පත් කරයි! ජනපතිගෙන් ගැසට්ටුවක්!

August 7, 2019 at 9:38 am | by emanisa.lk

කොටි ත්‍රස්තවාදය පරාජය කළ අවසන් සටනට නායකත්වය ලබා දුන් නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ‘ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ නිලයට සහ ගුවන් හමුදාපති ලෙස සටනට නායකත්වය ලබා දුන් එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ නිලයට උසස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.

නාවික හමුදාවේ ‘ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට්’ සහ ගුවන් හමුදාවේ ‘මාර්ෂල් ඔෆ් දි එයාර් ෆෝස්’ යන නිලයන් යුද හමුදාවේ ‘ෆීල්ඩ් මාර්ෂල්’ යන නිලයට සමාන වෙයි.

කොටි ත්‍රස්තවාදය පරාජය කරන සටනට යුද හමුදාව සමග උරෙනුර ගැටී සටන් කළ නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙහෙය වූ එවක නාවික සහ ගුවන් හමුදාපතිවරුන්ට ෆීල්ඩ් මාර්ෂල් ධුරයට සමාන මෙම ධුර ලබා දීමට එවක හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විරෝධය පළ කර තිබිණි.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නගොඩ දෙමළ තරුණයන් කිහිප දෙනෙකු පැහැර ගෙන ගොස් මරා දැමීමේ සිද්ධියකට සම්බන්ධ යැයි චෝදනා නඟා අත්අඩංගුවට ගැනීමට පසුගිය සමයේ ආණ්ඩුවේ පාර්ශවයක් විශාල ක්‍රියාන්විතයක් දියත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස