අධිකරණයට අපහාස කළැයි සරත් විජේසූරියට නොතීසි!

May 27, 2019 at 4:28 pm | by admin

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන ජුනි මස 21 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය අද මහාචාර්ය සරත් විජේසුරිය වෙත නොතීසි නිකුත් කළේය.

මහාචාර්ය සරත් විජේසූරිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මෙන්ම අවස්ථා ගණනාවකදී අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ ගණනාවක් නිකුත් කර ඇති බවට චෝදනා කරමින් නීතිඥ සම්පත් විජිත කුමාර සහ විශ්‍රාමික හමුදා නිලධාරි අනිල් වසන්ත අල්විස් විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පූලි ඉදිරියේ මෙම පැමිණිල්ල සලකා බැලීමෙන් පසු මහාචාර්ය සරත් විජේසූරියට නොතීසි නිකුත් කළේය.ජ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස