අද සමෘද්ධිය ලබන්නේ එජාප ජවිපෙ වීම නිසාම අසාධාරණයට ලක්වූ දුප්පත් ජනතාවයි! – තලතා

June 18, 2019 at 1:57 pm | by emanisa.lk

සමෘද්ධිය තුළින් අහිංසක මිනිස්සු සවිබල ගැන්වීම වෙනුවට හැමදාම දුප්පත්කම පවත්වා ගෙන යමින් මෙම අහිංසක ජනයාව ඇතැම් පිරිස් මෙහෙයවන ක්‍රියාදාමයකට අවතීර්ණ වී සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල පවසයි.

අමාත්‍යවරීය මෙම අදහස් පළ කළේ දිවයින පුරා පවුල් ලක්ෂ 06 කට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේ වැඩ සටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභින් සඳහා සමෘද්ධි හිමිකම් ලබාදීමේ අවස්ථාවට පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලයේදී එක්වෙමිනි.

1991 රණසිංහ ප්‍රේමදාස මහතා පක්ෂ පාට භේදයකින් තොරව දුප්පත් ජනතාව උදෙසා ආරම්භ කළ ජනසවිය වැඩසටහන 1994 දේශපාලනීකරණය වූ බවත් අද සමෘද්ධිය ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ වීම නිසාම පළිගැනීමට ලක්වූ 4500ක් වන ඉතාම අඩු ආදායම්ලාභීන් බවත් ඇමතිවරිය ප්‍රකාශ කළාය. මෙම පිිරිස ප්‍රාදේශීය ලේකම් විසින් සුදුසුකම් බලා තෝරාගත් බවත් ඇය සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස