MCC ගිවිසුමින් රටට යහපතක් මිස අයහපතක් නෑ! MCC අවලංගු වීමෙන් රටට විශාල මුදලක් අහිමි වුණා! – සරත් ෆොන්සේකා

December 21, 2020 at 4:53 pm | by emanisa.lk

ලංකා ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කිරීමට කැමති බවත් ආණ්ඩුව ඉල්ලා සිටින ආකාරයට එම ව්‍යාපෘතියේ නම වෙනස් කිරීම වැනි පස්සේ දොරෙන් දමන කොන්දේසීවලට ඇමරිකාව අකමැති නිසා MCC ගිවිසුම අත්සන් නොකිරීමට ඇමරිකාව කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

රටේ මාර්ග සංවර්ධනය සහ ඉඩම් මැන ගැනීම රටේ අත්‍යවශ්‍ය කටයුතු බවත් MCC ගිවිසුම මගින් රටට යහපතක් මිස කිසිදු තර්ජනයක් නොතිබුණු බවත් ඔහු පෙන්වා දුන්නේ ය. මේ නිසා රටට ලැබෙන්නට තිබූ විශාල ආධාර මුදලක් අහිමි වූ බවත් ඔහු පවසයි.

හම්බන්තොට වරාය වැනි සුදු අලි ණය ගෙවාගත නොහැකිව සිය රජය විකුණා දැමීම සාධාරණ වුවත් කොළඹ වරාය විකුණා දැමීම කිසිසේත් සාධාරණ නැතැයි ද සරත් ෆොන්සේකා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස