ආණ්ඩුව 20 ගේන්නේ MCC ගිවිසුම ගහන්න! – චමීර පෙරේරා

October 2, 2020 at 8:13 am | by emanisa.lk

ආණ්ඩුව මෙතරම් හදිස්සියේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

ඊයේ (01) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ MCC ගිවිසුමට එරෙහි නොවූ හෙතෙම මෙසේ ද පැවසීය.

“20 වැනි සංශෝධනය තුළ හදිසි පනත් සම්මත කර ගැනීමේ වගන්ති, විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ඇතුළු කොමිෂන් සභා අහෝසි කිරීමේ වගන්ති ඇතුළත් කර තිබෙන්නේ වෙනත් කිසිදු අවශ්‍යතාවකට නොව MCC වැනි ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම සඳහායි. ඊට අවශ්‍ය පසුබිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම නිර්මාණය කර ගැනීම වත්මන් ආණ්ඩුවේ අරමුණයි.

20 වැනි සංශෝධනය සම්මත වූ පසු ඇමරිකාවට අවශ්‍ය පරිදි රටේ ඉඩම් භාවිත කරන්න පුළුවන්. කොමිෂන් සභා අහෝසි කිරීම, එහි ස්වාධීනත්වය අහෝසි කිරීම හරහා කිසිවෙකුටත් අදාළ ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ප්‍රශ්න කිරීමට අවස්ථාව අහිමි වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස