MCC ඉල්ල ලා අගමැති මහින්ද ඇමරිකාවට ලියුමක් යවලා! – හර්ෂ ද සිල්වා

October 10, 2020 at 10:59 am | by emanisa.lk

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරන ලෙස ඉල්ලා ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ්ට 2005 වසරේ දී අගමැති මහින්ද රාජපක්ෂ ලිපියක් ලියූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ඒ සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහාය වූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පහුගිය 08 වෙනිදා අදහස් පළ කරමිනි.

එහෙත් බාල දේශපාලන උවමනාකම් නිසා පහුගිය රජය MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට යාමේ දී එය අහිතකර යැයි හුවා දැක්වූ බව ද සඳහන් කළේය.

මෙහි දී රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ එදා MCC ව්‍යාපෘතිය රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා ක්‍රියාත්මක වූ බවත් එහි ගැටළු පැන නැඟුණු පසු බලාත්මක කිරීමට කටයුතු නොකළ බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස