JVP කල්ලිය පාකිස්ථාන ත්‍රස්තයින්ට වඩා භයානකයි…!

December 11, 2021 at 7:20 pm | by emanisa.lk

JVP ත්‍රස්තයන් සිය දේශපාලන ප්‍රතිවාදීන්ට බනින කොට මොකක්ද “ඇරපු” කතාවක් නිතර නිතර කියනවා. එය කිසියම් ලිංගික ක්‍රියාවක් විය යුතුයි.

එයින් නැවත පෙන්වන්නේ JVP ත්‍රස්තයන්ගේ ඇති පරපීඩක උම්මත්තක මිනීමරු ගතියයි. JVP ත්‍රස්තයන් යනු දුර්වලයන්ට හිංසා කරන සයිකොපතික් ලක්ෂණ පෙන්නුම් කරන පිරිසක් බව ඔවුන්ගේ ලිංගික තර්ජනවලින් මනාව ඔප්පු වෙනවා.

ඔවුන් භාවිතා කරන නවක වධය යනු එහි පැහැදිලි නිරුපණයක්. එය ලිංගික හිංසනයක්. JVP ත්‍රස්තයන් යනු පරපීඩක ලිංගික හිංසකයන්. JVP නායකයන් බොරුවට සමාජය ඉදිරියේ ලිංගික හිංසනයට විරුද්ධව දේශනා කළාට ඔවුන්ගේ භයානක වහලුන් සිය ප්‍රතිවාදීන්ට ලිංගික හිංසන කරන හැටි කියමින් ප්‍රසිද්ධියේ ලිංගික තර්ජන කරනවා.

මේක JVP කාරයන් නිතරම කරන දෙයක්. මෙයින් පෙන්වන්නේ ඔවුන්ගේ ඇති ඉතාම භයානක ස්වභාවයයි. ඔවුන්ට තාර්කික සංවාද තබා ශිෂ්ට සම්පන්න සංවාදයක්වත් කරන්නට දැනුමක් හෝ ඉවසීමක් හෝ නැහැ. අර පාකිස්තානයේ ත්‍රස්තයන්ටත් වඩා JVP ත්‍රස්තයන් මෙලෙස සිය ප්‍රතිවාදීන් ත්‍රස්ත කරමින් සිය අන්තවාදී දේශපාලනය කරනවා.

එනම් ඔවුන් ත්‍රස්තවාදී සංවිධානයක්. ඔවුන්ගේ ආරම්භයේ පටන්ම ඔවුන් භාවිතා කළේ ත්‍රස්තවාදයයි. හැමදාමත් එහෙමයි. JVP එකට සම්බන්ධ වෙන්නෙම එවැනි කෘරත්වයෙන් පිරුණු වනචර මිනිසුන්. ඔවුන්ගේ දේශපාලන ප්‍රතිවාදීන්ට ඔවුන් ගල්ගහලා මරලා පුච්චන්න කලින් ලිංගික හිංසනත් කරන බව ඔවුන් කියනවා. JVP ත්‍රස්තයන්ට අප බිය විය යුත්තේ මේ නිසාය. ධර්මය අපට මග වේවා!

එරන්ද ගිනිගේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස