IDH රොහලින් පළාගිය ආසාදිත කත ඇහැලියගොඩින් අල්ලයි!

November 22, 2020 at 7:13 am | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා රාත්‍රියේ දී ඉන් පළා ගිය 25 හැවිරිදි කාන්තාව ඇහැළියගොඩ, සිදුරංගල ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මේ වන විට ඇයව රෝහල්ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ ය.

මෙම කාන්තාව පසුගියදා සිය කොවිඩ් ආසාදිත කුඩා දැරුවාද රැගෙන IDH රෝහලෙන් පළා ගොස් තිබිණි. පසුව ඇය සිය දරුවා ඥාති නිවසක තබා ඉන් පිටව ගොස් තිබිණි.

මෙම කාන්තාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට ම විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකළ අතර පසුව අද රාත්‍රීයේ දී ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයේදී එම කාන්තාව සොයා ගැනීමට හැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස