BBCය සුපුරුදු මඩ මෙහෙයමු යළි අරඹයි! ජනපති චරිත ඝාතනයට බලමුළු කැඳවයි!

November 20, 2020 at 10:20 pm | by emanisa.lk

බ්‍රිතාන්‍ය මාධ්‍ය නාළිකාවක් වන BBC ආයතනය ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහිව නැවතත් සිය මඩ අවලාද මෙහෙයුම දියත් කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් ලිපියක් පළ කරන BBC ආයතනයේ සිංහල අංශය මේ වන විට ජනාධිපතිවරයා මෙහෙවින් මහා සංඝ රත්නය සහ ජනතාව අතර අප්‍රසාදයට ලක්ව ඇති බව හුවා දැක්වීමට විශේෂ උත්සාහයක් දරා තිබේ.

ඒ සඳහා වර්තමාන ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන කණ්ඩායම් දිගින් දිගට ම හුවා දක්වමින් මහ පොළොවේ නොමැති කෘත්‍රිම මතයක් මතු කරලීමට ලිපිකරුවා කටයුතු කර තිබේ.

එසේ ම හමුදා නිලධාරීන් 28 දෙනෙකු රාජ්‍ය පාලනයට සම්බන්ධ වී ඇති බව බවත් මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතිවාදයට සිංහල බෞද්ධ වීම ප්‍රමාණවත් නොවන බවත් හමුදාවේ අයෙකු වීම ද අවශ්‍ය බවත් පවසයි. ඔහු එමගින් සම්පූර්ණයෙන් කටයුතු උත්සාහ කර ඇත්තේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නොව හමුදා පාලනයක් පවතින බවට චිත්‍රයක් ඇඳීමට ය.

කෙසේ වුව ද හමුදාවෙන් විශ්‍රාම ගිය පසු එම නිලධාරීන් සාමාන්‍ය සිවිල් වැසියන් බවත් මෙරට රාජ්‍ය පාලනය හා සම්බන්ධ නිලධාරීන් ප්‍රමාණය හා සසඳන කල නිලධාරීන් 28 දෙනෙකු යනු ඉතාම සුළු පිරිසක් බවත් මෙයට පෙර ද විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් විවිධ පරිපාලන තනතුරු දරා ඇති බවත් වසං කිරීමට ලිපිකරුවා කටයුතු කර තිබේ.

කොටි ත්‍රස්තවාදයට එරෙහි මානුෂික මෙහෙයුම් සමයේ එම ත්‍රස්තවාදීන් කැරලිකරුවන් සහ විමුක්ති සටන්කාමීන් ලෙස හඳුන්වමින් ත්‍රස්තවාදයට සුදු හුනු ගෑ BBC ආයතනය පසුගිය පාස්කු ප්‍රහාරය මුලින් වාර්තා කළේ සිංහල බෞද්ධයින් විසින් කතෝලිකයන්ට එල්ල කළ ප්‍රහාරයක් ලෙස ය. ඒ සඳහා යොදා ගෙන තිබුණේ විදෙස්ගත බෙදුම්වාදී කොටි සාමාජිකයෙකි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ BBC සිංහල සේවයේ අසාම් අමීන් එජාප අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ආකාරය රංජන් රාමානායකගේ හඬපට ඔස්සේ අනාවරණය වීම නිසා ඇති වූ විරෝධය හමුවේ සේවයෙන් පහ කිරීමට ද සිදුවිය. ශ්‍රී ලංකා හමුදාව සහරාන්ගේ ඥාතීන් මරා දැමූ බව BBC ඔස්සේ ලෝකයට වාර්තා කළේ ද අසාම් අමීන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස