වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් විසින් සිදුකරන ලද සිසේරියන් සැත්කම්වලින් පසු වඳ භාවයට පත් වූයේ යැයි සැක බව කියන මවුවරුන් 460 දෙනකු ඊයේ (31) වන විට පැමිණිලි ඉදිරිපත් කර ඇත.
කෙසේ වුවද මේ බරපතළ කාරණාව පිළිබඳ විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඇතුළු විවිධ පාර්ශව කරන ලද ඉල්ලීමට ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.