විශාල මන්ත්‍රී සංඛ්‍යාවක්, විශාල පක්ෂ සංඛ්‍යාවක් එකතු කර විශාලතම සන්ධානය ඉදිරියේදී ගොඩ නගන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.
නව සන්ධානය ගොඩනැගීම වෙනුවෙන් ජා ඇල නගරයේ පැවති පළමු ජනරැළිය අමතමින් සුසිල් ප්‍රේම්ජයන්ත මේ බව පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒකාබද්ධව රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මකයි. මේ රට ගොඩ නැගීම තම සන්ධානයේ පරම අභිලාශය බවද අමාත්‍ය වරයා අවධාරණය කරයි.
තමන් ජ්‍යේෂ්ඨ දේශපාලන නියෝජිතයකු ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ කටයුතු කළ ආකාරය සිහිපත් කළ අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාලයේදී ඇතැම් නායකයින් තමන්ගෙන් රටට සේවයක් සලසා නොගත් බවයි. පවුල් වාදය හා දේශපාලනය පිළිබඳ ඇති අත්දැකීම් අඩුකම එයට හේතුවකි. කොරෝනා වසංගතය නිසා රටේ ආර්ථික ගමන් මගේ සියයට පනහක් වසා දමන්නට එකළ සිදු විය.
නමුත් ඉන් අනතුරුව ආර්ථිකය කඩිනමින් නගාසිටුවීමේ වැඩපිළිවෙළක් නොවූ නිසා මෙරට ජනතාවට අවාසනාවන්ත අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදු විය. ජනතාව විදිය යුතු උපරිම දුක් ගැහැට විද අවසන්‍ව ඇත. තව දුරටත් ජනතාව සමග දේශපාලන සෙල්ලම් දැමීමට මෙරට දේශපාලනයේ නිරත කිසිවෙකුටත් අයිතියක් නොමැත. එම නිසා අප විසින් ගොඩ නගනුයේ ජනතා අපේක්ෂා මල් එල ගන්වමින් රටේ ආර්ථිකය ශක්තිමත් කල හැකි වැඩපිළිවෙළක් සහිත දේශපාලන ව්‍යාපාරයක් බව සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවඩයි.
මේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා. එය සිදුවිය යුතු අත්‍යාවශ්‍යම වැඩපිළිවෙළක් බව හදුනාගෙන තිබේ. ඊට අමතරව පාසල් දරුවන්ගේ නිල ඇදුම් සහ පෙළ පොත් ද කඩිනමින් ලබා දීමට වැඩ පිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ජා ඇල ආසනයෙන් ආරම්බ කෙරෙන මෙම වැඩපිළිවෙළ රට පුරා ආසන 160 ක් පුරා ගෙනයමින් ජනතාව දැනුවත් කිරීමට සූදානම් කර තිබෙනවා. ගොඩනැගෙන නව සන්ධානය මෙරට බිහිවන දැවැන්තම දේශපාලන සන්ධානය වනු ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
– Media unit