අපටත් සුසිල්ට වගේ ළඟ දි ම ස්වීප් එක ඇදෙයි…! ඕන දේකට ලැහැස්ති වෙලා තමයි අපිත් ඉන්නේ…! – මෛත්‍රී…

January 8, 2022 at 8:53 am | by emanisa.lk

රට වටේ ගොස් එන විට අපෙත් ස්වීප් එක ඇදෙයිද නොදන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

සුසිල් ප්‍රේමජයන්ත ද පොලේ ගොස් ස්වීප් එකක් ගත්විට පැය 24කින් ඇදුණු බව කී හිටපු ජනාධිපතිවරයා අපිත් මේ සේරට ම ලෑස්ති යැයි ද සඳහන් කළේය.

එවක තම ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අය වත්මන් ආණ්ඩුවේ තත්ත්වය පිළිබඳ සත්‍යය පෙන්වා දෙන විට තමන්ට දොස් පවරන බව ද මෛත්‍රීපාල සිරිසේන කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවට එක්වෙමිනි.

වර්තමානය බණ්ඩාරනායක මැතිනියගේ කාලය වගේ යැයි කියමින් ඇගේ ආර්ථික වැඩපිළිවෙළට අදත් දොස් කියන අය සිටින නමුත් එතුමිය ගොවියන්ගෙන් හෝ නිවෙස්වල ගෑස් ලිප පත්තු කරන්න යන කාන්තාවන්ගෙන් කුණුහරුප ඇසුවේ නැතැයි ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

පසුගිය දිනවල තමන් කළ කතා ඇසූ ඇතැමුන් ‘තමුසෙත් ආණ්ඩු කළා නේදැයි’සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබූ බව කී හිටපු ජනාධිපතිවරයා කවුරුන් කෙසේ කීවත් 1948න් පසු පත්වූ ආණ්ඩු අතරේ වෙනස්ම ආණ්ඩුව තමන්ගේ ආණ්ඩුව යැයි ද සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව කරන අය තමන්ගේ ආණ්ඩුවට මීට වඩා අපහාස විවේචන කළ බව කී මෛත්‍රීපාල සිරිසේන, එදා පිරිසිදු ආණ්ඩු හදන්න කතා කරපු අය වර්තමානයේ ආණ්ඩු කරන්නේ කොහොමද කියා මෙන්ම එදා තමාට අපහාස කළ අය අද මොන තරම් අපහාසයට විවේචනයට ලක්වෙලාදැයි කවුරුත් දන්නා බව ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස