රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල උසස් රැකියා කරන පුද්ගලයන් විවිධ අන්තවාදී ක්‍රියා සඳහා සම්බන්ධ බවට බුද්ධි අංශ විසින් තොරතුරු වාර්තා කර තිබුණ ද දේශපාලන අධිකාරිය ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් දක්වා නැතැයි බුද්ධි අංශ වාර්තාවක් මගින් හෙළිදරව් වී තිබේ.
එසේම මෙම අන්තවාදී නිලධාරීන් පිළිබඳ ඔවුන් සේවය කරන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නිසි බලධාරීන්ට ද දැනුම් දී තිබේ. මෙම ආයතන අතර මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ආයතන ද පවතින අතර එම ආයතන හිමිකරුවන්ට ද බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.
එහෙත් මෙම පිරිස දේශපාලන අධිකාරිය විසින් ආරක්ෂා කරන බවට ද ඇතැම් ආයතනවල අන්තවාදී කටයුතු සෙවීම සඳහා සිටින නිසි බලධරයන් සමග පවා මෙම අන්තවාදී කටයුතුවල නිරත වන නිලධාරීන් දැඩි සබඳතා ගොඩනඟා ගෙන ඇතැයි ද වැඩි දුරටත් වාර්තා වෙයි.