අගමැති රනිල් වික්රමසිංහ මහතා භාවිත කරන වෙඩි නොවදින මෝටර් රථ දෙකෙන් එකක් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ පාවිච්චිය සඳහා භාරදී ඇත.
රටේ පවතින තත්ත්වය සලකා අගමැතිවරයා විසින් මෙම වෙඩි නොවදින රථය කාදිනල්තුමාට රියැදුරකුද සමග තාවකාලිකව භාරදී තිබේ. පාස්කු ඉරිදා එල්ල වූ ප්රහාරයන් සමගම කාදිනල්තුමාගේ ආරක්ෂාව පිණිස මෙලෙස අගමැතිවරයා භාවිත කළ වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදුන් බව අගැමති කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් පැවසීය.