මගේ ආණ්ඩුව හොරු අල්ලන හැටි අරගලකරුවන්ට දැනුම් දෙනවා..! – රනිල්…

July 17, 2022 at 12:19 pm | by emanisa.lk

සාමකාමී අරගල නායකයින් රජයට බාර දී ඇති යෝජනාවලියේ සඳහන් “මහජන කවුන්සිලය”ඉතා ⁣හොඳ යොජනාවක් ලෙස පිළිගන්නා බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

වංචා දූෂණ සිදුවීම් සම්බන්ධයෙන් ද අරගලකරුවන් දිගින් දිගට ම චෝදනා නගමින් සිටින අතර ඉදිරියේ දී ආණ්ඩුව දුෂණය මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අරගලකරුවන්ට දැනුම් දෙන බව ද ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කර ඇත.

වැඩ බලන ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ පැවසූයේ කැරලිකරුවන් සහ අරගලකරුවන් අතර විශාල වෙනසක් තිබෙන බවයි.

ආරම්භයේ සිට ම අරගලයට සම්බන්ධ වී සිටින බොහෝ අය කැරලිකරුවන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කර තිබෙන බව කී ජනාධිපතිවරයා, සැබෑ අරගලකරුවන් ප්‍රචන්ඩ ක්‍රියා නොකරන බව තම විශ්වාසය බව ද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *