රට වැටුණේ ජනාධිපතිගේ හිතුවක්කාර තීන්දු නිසයි..! –

April 21, 2022 at 10:02 am | by emanisa.lk

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මේ අදහස් පල කර සිටියේය.

ගරු කථානායකතුමනි

පක්ෂ නායක රැස්වීමේදී ගත්තු තීරණ නෙවේ ඔබ තුමා සභාවට කිව්වේ. ඔබ තුමා කිව්වා 20 අහෝසි කරනවා කියලා. නමුත් දැන් සභාවට එහෙම කිව්වේ නැ. පොරොන්දු උනා 20 අහෝසි කරනවා කියලා.

19 සමග සංශෝධන ගේනවා කිව්වා. ජනාධිපතිතුමාගේ කතාවෙන් ඔප්පු වෙනවා විධායක ජනාධිපති ක්‍රමය අසාර්ථකයි .අපි ඉල්ලීමක් කරනවා සංශෝධන ගේනකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සංශෝධන ගෙන්න කියලා.

ගරු කථානායකතුමනි

අද රටේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව නිසා නෙවෙයි. 20 වැනි සංශෝධනය ගෙනැල්ලා මේ පාර්ලිමේන්තුවේ බලතල  විධායක ජනාධිපතිතුමාට දුන්නා. එතුමා තමයි තීරණ ගන්නේ,මේ පාර්ලිමේන්තුව නෙවෙයි.අපි කිව්වට පාර්ලිමේන්තුට මුදල් බලයක් තියනවා කියලා ඇත්තටම පාර්ලිමේන්තුවට මුදල් බලය තියනවද ?

ඉන්දියාව සමග තෙල් ටැංකි පිළිබද ගිවිසුම් අත්සන් කළා නමුත් මේ පාර්ලිමේන්තුව දන්නවද ජැටිය දුන්නා අපි දන්නවද සෑම දෙයක්ම පාර්ලිමේන්තුවට පිටින් කරලා තියෙන්නේ. 20වැනි සංශෝධනය හරහා අපේ බලතල, අග්‍රාමාත්‍යතුමාගේත්  බලතල, ඔබතුමාගේත් බලතල අහෝසි කරලා ජනාධිපතිතුමාට දුන්නා.

ජනාධිපතිතුමා කිව්වා යම් යම් වැරදි තීරණ එතුමා ගත්තේ කියලා.හිතුවක්කාර තීරණ නිසයි මේ ප්‍රශ්න ඇති වුනේ. විධායක ජනාධිපති ක්‍රමය අසාර්ථකයි, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය ලබා ගත යුතුයි.

– මාධ්‍ය ඒකකය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස