යල කන්නයේ වගාව සදහා රසායනික පොහොර ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේ ඊයේ (01)පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම කර ඇත.
රසායනික පොහොර නොමැති වීමෙන් වී වගාව, පමණක් නොව නුවරඑළියේ එළවළු වගාව, මල් වගාව ආදියට ද බරපතළ ගැටලුවක් මතුවී ඇතැයි ඇමතිවරුන් පෙන්වා දී ඇත.
රසායනික පොහොර නොමැතිවීමෙන් ආණ්ඩුවට ගොවීන්ගෙන් බරපතළ චෝදනාවක් එල්ල වී ඇතැයි පෙන්වා දී ඇති එම මැති ඇමතිවරුන් යල කන්නයේ වගාව සඳහා අවශ්‍ය පොහොර ලබා දීමට වහා පියවර ගන්නැයි ද ඉල්ලීමක් කර ඇත