ජාතික ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට උතුරේ ඉඩම් ගැනීම සුමන්දිරන්ලා තහනම් කරයි!

April 11, 2019 at 7:35 am | by admin

උතුරේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවට ඉඩම් පවරා ගැනීම තහනම් කෙරෙන යෝජනාවක් යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව විසින් සම්මත කර ඇත.

මේ අනුව හමුදාවට ලබා ගැනීමට නියමිත ඉඩම් 43 ක මැනුම් කටයුතු නතර කරන ලෙස එම කමිටුව මිනුම්පති වෙත නියෝග කර තිබේ.

යාපනය දිස්ත‍්‍රික් සංවර්ධන කාර්යාලයේ පැවැති එම කමිටු රැස්වීමේදී මේ තීරණය ගෙන ඇති අතර මෙම රැස්වීමට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් සහභාගි වී තිබේ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් ඉඩම් පවරා ගැනීමේ හැකියාවක් මෙතෙක් රජයට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස