අමුද්‍රව්‍ය මිල 100%කින් ඉහළට…! බේකරි වසා උපකරණ විකුණා දමයි..! නුදුරේ දී ම පානුත් නැති වන හැඩ..!

February 24, 2022 at 5:43 am | by emanisa.lk

බේකරි කර්මාන්තයේ පවත්වා ගෙන යාම සඳහා බලපාන ගැටලු රැසක් නිසා තමන් අසරණ වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පෙන්වා දෙන්නේ තව දුරටත් බේකරි කර්මාන්තය පවත්වා ගෙන යා නොහැකි ව කුඩා බේකරි 200-300ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඒවායේ උපකරණ ද විකුණා දමා ඇති බවයි.

දැනට රට පුරා පිහිටි බේකරි 7000 කින් 4000ක පමණ පාන් නිෂ්පාදනය කරන්නේ සතියකට දින 5 ක් පමණක් බව ද හෙතෙම පැවසීය.

තිරිගු පිටි මිල ඉහළ යාම හා හිගය, ෆාම් තෙල්, පොල් තෙල්, මාගරින් මිල ද පෙරට වඩා සියයට සීයකින් පමණ ඉහළ යාම බේකරි හිමියන්ට දරා ගත නොහැකි බව ද හෙතෙම තව දුරටත් පැවසීය.

මෙම ගැටළු සඳහා විසඳුම් ලබා දී බේකරි කර්මාන්තය ගොඩ ගැනීමට මැදිහත් වෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *