පිටි මිල වැඩි කළොත් ආණ්ඩුවෙන් නඩු….! මිල නැංවීම හකුළා ගන්න සිදුවෙයි…! පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ යාමත් නවතියි…!

July 1, 2021 at 10:03 pm | by emanisa.lk

තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පවරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

තිරිඟු පිටි පාරිභෝගික අධිකාරිය අති විශේස ගැසට් නිවේදනයක් මගින් උපරිම මිලක් නියම කළ ආහාර ද්‍රව්‍යයක් බවත් ඒ හේතුවෙන් හිතුමතේ මිල වැඩි කළ නොහැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

කෙසේ වුව ද තිරිඟු පිටි වෙළෙඳපොළේ 65%ක පමණ කොටසකට හිමිකම් කියන ප්‍රිමා සමාගම පිටි මිල වැඩි නොකළ අතර 35%ක පමණ කොටසකට හිමිකම් කියන සෙරන්ඩිබ් සමාගම පමණක් පිටි මිල ඉහළ නැංවීමට තීරණය කර තිබිණි.

පාරිභෝගික සේවා අධිකාරිය අධිකරණයට යාමට තීරණය කිරීමත් සමඟ ම එම තීරණය හකුළා ගැනීමට සිදුව ඇතැයි වාර්තා වන අතර අද තිරිඹිගස්යාය ප්‍රදේශයේ වැඩි මිලට පිටි අලෙවි කළ ස්ථානයක් වැටලීමට ද ඔවුන් කටයුතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *