රටේ නිෂ්පාදනයෙන් 80%ක බර උසුලන පෞද්ගලික අංශයටත් රු. 5000 දෙනු…!

February 1, 2022 at 9:16 pm | by emanisa.lk

ජීවන වියදම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමුකර රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට රජය මැදිහත් වියයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් අන්තර් සමාගම් සේවක සංගමය ඉල්ලයි.

රටේ ජීවන වියදම ඉහළ යන විට වැඩකරන ජනතාවට ලබාදෙන සහන සියලු ම වැඩකරන ජනතාවට ලැබිය යුතු බවත් රාජ්‍ය අංශයේ සේවකයාට ජීවත්වීමට අපහසුව නිසා රුපියල් 5000 ක දීමනාවක් ලබා දුන්නාක් මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයාට ද එම රුපියල් 5000 ලබාදීම රජයේ වගකීමක් බවත් අන්තර් සමාගම් සේවක සංගමය කියයි.

රටේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් සියයට 80 කට පමණ සෘජු දායකත්වය සපයන සහ ශ්‍රම බලකායෙන් සියයට 80 ක් නියෝජනය කරන පෞද්ගලික අංශයේ සේකයන්ගෙන් සියයට 60 ක් පමණ රුපියල් 25,000 කට වඩා අඩු වැටුප් ලබන අය යැයි පවසන අන්තර් සමාගම් සේවක සංගමය රුපියල් 5000 දීමනාව ලබාදීමෙන් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නොසන්සුන්කාරී තත්ත්වය සමනය කළ හැකි බව ද සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස