වැඩවර්ජන අයිතිය රැකගන්න දස ලක්ෂයක් අරන් පාරට බහිනවා…! – සජිත්….

January 31, 2022 at 5:08 pm | by emanisa.lk

ආණ්ඩුව වෘත්තීය සමිති මර්දනය කිරීමටත්, වැඩවර්ජනවලට වැට බැදීමටත් සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය වහාම හකුළා ගතයුතු බව හෙතෙම අවධාරණය කරයි.

සුදු ලූනු වංචාවට, පොහොර වංචාවට, සීනි වංචාවට විරුද්ධව අරගල කිරීමේ අයිතියක් ජනතාවට ඇතැයි ද ඒ අයිතිය අහිමි කිරීමට උත්සාහ කළහොත් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැගෙන පාරට බසින බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.

ඊයේ (30) කැකිරාවේ පැවැති සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මේ බව ප්‍රකාශ ක‌ළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *