අපට වැඩට එන්න කිව්වොත් වහා ම වැඩවර්ජනයක් කරනවා….! – සමන් රත්නප්‍රිය….

July 31, 2021 at 7:39 pm | by emanisa.lk

පේරාදෙණිය රෝහලේ පෞද්ගලික ආරක්ෂක ඒකකයේ 37 දෙනෙකුට එකම දින කොවිඩ් ආසාදනය වී ඇතැයි හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

මෙලෙස රෝහල්වල කොවිඩ් පොකුරු වාර්තා වන පසුබිමක සියලු රාජ්‍ය සේවකයින් නැවත සේවයට කැඳවීමට ගත් තීන්දුව පිළිගත නොහැකි බව ඔහු සඳහන් කරයි.

එහෙයින් මෙම සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ චක්‍ර ලේඛය සෞඛ්‍ය සේවය සඳහා බලාත්මක නොකළ යුතු බව සමන් රත්නප්‍රිය අවධාරණය කරයි.

එම චක්‍රලේඛය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළහොත් ඊට එරෙහිව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවට හෙද සංගම් සභාපති අනතුරු අඟවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *