වැඩවර්ජන විරෝධතා අත්‍යවශ්‍ය සේවාවක් කරනු….! – ජවිපෙ…

September 24, 2021 at 4:35 pm | by emanisa.lk

වැඩවර්ජන හා විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කරයි.

රටට ජනතාවට එරෙහිව පාර්ලිමේන්තුවේ යම් යම් කටයුතු සිද්ධ වෙද්දී පාර්ලිමේන්තුව තුළ ඊට විරුද්ධව යමක් සිද්ධ නොවෙන නිසා මහජන උද්ඝෝෂණ විරෝධතා අත්‍යවශ්‍ය සේවාවක් කළ යුතු තත්ත්වයකට පැමිණ ඇතැයිද ඔහු අවධාරණය කරයි.

ලාල්කාන්ත මේ බව කියා සිටියේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *